රෝහිතගේ දියණියට ඇප

ආන්දෝලනයකට තුඩු දුන් එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රි දියණියක වූ  රොෂෙල් මෙලනී අබේගුණවර්ධන  රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත  මුදා හරින්නැයි  මතුගම  ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. අයි .හෙට්ටිවත්ත මහත්මිය නියම කළාය.

දින ගණනක් අධිකරණය මඟහරිමින් සිටි සැකකකාරිය  පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට භාරවීමෙන් පසු  ප්‍රකාශ සටහන් කර ගෙන  අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම ජීප් රථය සම්බන්ධයෙන් සැකකාරියගේ සැමියා වන ධනුෂ්ක ප්‍රියදර්ශන හෙට දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටියි.

එම සැක ජිප් රිය මිලදි ගත් මන්ත්‍රී ජගත්විතානගේ පුතා වන රසික විතානව රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *