රිෂාඩ්ගේ පක්ෂයේ තුන් දෙනෙක් ජනපතිට

රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් ජනාධිපතිට සහය දෙන බවට අද ප්‍රතිඥා දුන්හ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රාහුමාන් , දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්  මහත්වරු මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *