රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්

රියදුරු බලපත්‍ර ලබා ගැනිම සදහා වන ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.

සිය දෙපාර්තමේන්තුව වෙතින් පැවැත්වෙන ලිඛිත පරික්ෂණවලට අමතරව අදාල ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

ඒ අනුව තමා අයත් ප්‍රදේශය තුළම රියදුරු බලපත්‍ර ලබාගැනිමේ ලිඛිත පරික්ෂණ වලට සහභාගීවිමේ අවස්ථාව ඉල්ලුම්කරුවන්ට හිමිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *