රැඳවියා හිටි හැටියේ මරුට

රථවාහන නඩුවක් සම්බන්දයෙන් දඬමුදල් ගෙවිමට නොහැකිවිම නිසා  ගාල්ල  බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි රැදවියකු  දිය නාමින් සිටියදි  සිහිසුන් වි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව්  ගාල්ල බන්ධනාගාරය පවසයි.

මියගොස් ඇත්තේ වලකඩවත්ත, තිබ්බොටුව, අකුරැස්ස ප්‍ර දේශයේ පදිංචි 21 හැවිරිදිවියේ පසුවන අයෙකි.

මෙම රැදවියා දියනාමින් සිටියදි සිහිසුන්ව එකවරම ඇද වැටි ඇත. ඒ සමඟ ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් මෙකි රැදවියා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබේ.

රථවාහන නඩුවක් සම්බන්දයෙන්   මොහුට  අධිකරණය මගින් රුපියල් 22500ක දඩ මුදලක් නියමවි තිබුණි.එම දඩ මුදල ගෙවිමට නොහැකිවිම නිසා මොහුට මාසයක  කාලයක සිර දඩුවම් නියමවි තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *