රාහුල් ගාන්ධි නැවතත් පාර්ලිමේන්තුවට

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිව වරදකරු කරමින් ලබා දී තිබූ නඩු තීන්දුවක් අතිහිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ඔහුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව ලැබෙන අතරම 2024 දී පැවැත්වෙන මහ මැතිවරණය සඳහාද ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙයි.

පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ගුජරාට් හි අධිකරණයක් රාහුල් ගාන්ධි ට එරෙහිව අගමැති නරේන්ද්‍ර මෝදි ට සහ මෝදි යන නම සහිත වෙනත් පුද්ගලයින්ට අපහාස කළ බවට වූ චෝදනාවට වැරදිකරු කෙරිණි.

එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ මන්ත්‍රීවරයාගේ පවුල් නාමය “මෝදි” බව සඳහන් ය.

53 හැවිරිදි ගාන්ධි එම ප්‍රකාශය 2019 දී කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබුණි.

එහිදී අධිකරණය විසින් ගාන්ධි ට එරෙහිව වසර දෙකක සිරදඬුවමක් ලබාදුනි. නමුත් සිරගත කිරීම නොකර ඔහුට ඇප ලබාදුනි.

එම නඩු තීන්දුවෙන් අනතුරුව ඔහුට පාර්ලිමේන්තු අසුන අහිමි විය. ඒ වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් සඳහා සිර දඬුවමක් මන්ත්‍රීවරයෙක් ට නියම කළහොත් ඔහුගේ මන්ත්‍රී පදවිය අහිමිවෙයි.

නමුත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමග ඔහුට මන්ත්‍රී ධුරය නැවතත් හිමිවෙයි.

ගුජරාට් ප්‍රාන්තයේ පහළ අධිකරණය මෙන්ම මහාධිකරණය ද ගාන්ධි ගේ අභියාචනා ප්‍රතික්ෂේප කර තිබුණි.

භාරතීය ජනතා පක්ෂයේ බල ප්‍රදේශයක් ලෙස සැලකෙන එම ප්‍රාන්තයේ අධිකරණ ඔහුගේ අභියාචනා ප්‍රතික්ෂේප කළේය.

එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට රාහුල් ගාන්ධි තීරණය කර තිබුණේ ඉන් පසුවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *