අප්‍රේල් 27 වන දින ඉලවාලයි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රාමනාදන් අර්චුනට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දුන්නේය.
ගිනි අවියක් ළඟ තබාගෙන සිටියදී කාන්තාවකට තර්ජනය කිරීමේ චෝදනාව මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.
අර්චුන ඇප දෙකක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.


