පසුගිය ආණ්ඩු සමයේ නායකයින් විදේශ රටවල සඟවා ඇති බව කියන මුදල් සම්බන්ධයෙන් එම රටවල සහය ඇතිව රජය පරීක්ෂණ පවත්වන බව ජාතික ජන බලවේගය ඊයේ යළිත් අවධාරණය කළා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ විමර්ශනවලින් අනතුරුව එම මුදල් සඟවා ඇති පුද්ගලයන්, මුදල් සහ මුදල් සඟවා ඇති රටවල් පිළිබඳ සියලු තොරතුරු හෙළි කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
එම පරීක්‍ෂණ සිදුකිරීමට පෙර කිසිදා නොවූ පරිදි විදේශ රටවල් රජයට සහය ලබා දෙන බවද ඔහු පැවසීය.
“විදේශ රටවල් රජයට පරීක්ෂණ පවත්වන්න සහය දෙනවා.පසුගිය රජයන්ට පරීක්ෂණ පවත්වන්න කිසිම රටක් සහයෝගය දුන්නේ නැහැ.ඒ අය මේ වෙලාවේ අපිට උදව් කරනවා.අපිට පාතාල නායකයන් ගණනාවක්ම රට ගෙන්වා ගන්න පුළුවන් වුණේ මේ සහයෝගය නිසා” ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ උගන්ඩාව වැනි රටවල සඟවා ඇති බව කියන මුදල් සහ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“පසුගිය පාලන සමයේ නායකයින් විසින් සිදු කරන ලද වංචා දූෂණ පිළිබඳව අපි විමර්ශනය කරනවා. අපි විශ්වාස කරනවා විවිධ වංචා දූෂණවලින් උපයාගත් මුදල් විවිධ රටවල එකතු වෙන්න පුළුවන් කියලා.


