රාජකාරි වේලාව තුළ සමාජ මාධ්‍ය භාවිත කිරීම සහ දුම්රිය මෙහෙයුම් සම්බන්ධ සංවේදී තොරතුරු ප්‍රසිද්ධ කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
රාජකාරියේ නිරතව සිටින අතරතුර ඇතැම් සේවකයන් දුම්රිය මෙහෙයුම් සම්බන්ධ සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්රිය සේවයේ විශ්වසනීයත්වයට, මගී ආරක්ෂාවට සහ ආයතනික විනයට බරපතළ බලපෑම් ඇතිවිය හැකි බව බලධාරීන් අනතුරු අඟවා තිබේ.
නව චක්‍රලේඛයට අනුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන්ට හෝ මාධ්‍ය වෙත නිකුත් කිරීමට බලය හිමිවන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ උපදෙස් උල්ලංඝනය කරන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කර තිබේ.




