රබර් වගාවටත් 4000ක පොහොර සහනාධාරයක්

රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක  පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා  අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා මෙම පොහොර සහනාධාරය ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

මෙරට රබර් වගාවට වසර ගණනාවකින්  පොහොර දමා නැති බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ. ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා අවම වී ඇත.

ඒ අනුව රබර් වගාව සඳහා ලබා දෙන එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *