රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ලබන සඳුදා(28)අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොමිෂන් සභාව වෙත අද දැනුම් දුන්නේය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අද(25) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ නමුත් ඊට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රනිල්  වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ලබන 28 හෝ 30 අල්ලස් කොමිසමට පැමිණෙන්නැයි කොමිෂන් සභාව දැනුම් දී තිබූ අතර 28 වෙනිදා කොමිසමට පැමිණෙන බව රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *