’’රනිල් ජනපති කරන්නේ කාන්තාවන් මුල් වෙලා’’

මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනපති ජයග්‍රහණය කරා ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවැසුවාය.

රටේ ඊළඟ ජනාධිපතිවරයා බිහිකිරීමේ බලය කාන්තාවන්ගේ සතු බව ද ගුණවර්ධන මහත්මිය කීවාය.

කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ මෙවර බහුතර ඡන්දදායකයින් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බැවින් ජනාධිපතිවරණයේදී මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ  ජයග්‍රහණය කරා ගෙන යන බවයි.

වැටිච්ච රටක් හීන ලෝකයක් මවනවා වගේ එක පාරට ගොඩගන්න බැරි බව ද මන්ත්‍රීවරිය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *