රනිල් ඉන්න තුරු කාටවත් බඩගිනි වෙන්න දෙන්නෙ නෑ – වජිර අබෙිවර්ධන

රනිල් පාලන බලයේ සිටින තුරු රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක් අයෙකුටවත් බඩගින්නේ ඉන්නට ඉඩ තබන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය.

ලංකාව පාලනය කිරීමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දෙනා ගත් ණය ගෙවමින් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ  වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉටුකරමින් සිටින බවද අබෙිවර්ධන මහතා කීය .

වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි  අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 29 කට එක් පවුලකට මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහනට අනුව ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති උත්සවය අමතමිනි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් එක් ලක්ෂ හැට දහසකට මෙහිදී නොමිලේ සහල් පිරිනැමෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *