රට පැන්න පොලිස් කොස්තාපල්ගේ ගිනිඅවිය හමුවෙයි

පසුගියදා රටින් පළාගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයා වෙනත් පාර්ශ්වයකට යොමුකළ රාජකාරි ගිනිඅවිය සොයාගෙන තිබේ.

එම ගිනිඅවිය සඳහා යොදාගන්නා උණ්ඩ 30ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඊට අමතරව සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් අනුව ඊයේ(17) එම ගිනිඅවිය හා උණ්ඩ මෙලෙස සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *