රජය ඉන්ධන මිල සූත්‍රය වෙත ආපසු යා යුතුයි: අමාත්‍ය අලි සබ්රි

මහ බැංකුව විසින් යෝජනා කර ඇති පරිදි රජය නැවත ඉන්ධන මිල සූත්‍රය වෙත යා යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි අද ප්‍රකාශ කළේය.

ලෝක වෙළඳපොලේ මිල උච්චාවචනයන්ට අනුකූලව ඉන්ධන මිල උච්චාවචනය වන ක්‍රමයක් අනුගමනය කිරීම වඩා හොඳ බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්ධන සඳහා වන බද්ද අවසානයේ දිළිඳු ජනතාව ඇතුළු සියලුම ජනතාවට ගෙවීමට සිදුව ඇති බවත්, ඉන්ධන අනුබද්ධය ගෙවීමට මහජන මුදල් යෙදවීම සුදුසු නොවන බවත්ය.

“පෙට්‍රල් හෝ ඩීසල් කාර් එකක් පාවිච්චි කරන්න පුළුවන් අයගෙ ඉන්ධන ආවරණය කරන්න මහජන මුදල් පාවිච්චි කිරීම සුදුසු නැහැ. අවසානයේ බදු ගෙවන විට එය ගෙවන්නේ දුප්පතුන් ඇතුළු සියලු දෙනාගේම මුදලිනි. ඒ අනුබද්ධ ආයතනය සුදුසු නැහැ.” අමාත්‍යවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *