යුරෝපා රටවල් තුළ එල්.ටී.ටී.ඊ. තහනම තවදුරටත්

යුරෝපා සංවිධානය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරිමට එම සංවිධානය කටයුතු කර තිබේ. යුරෝපා සංවිධානයේ යුරෝපා කවුන්සිලය මගින් මාස 6කට වරක් සිදුකරන ත්‍රස්තවාදී සාමාජිකයින් සහ සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කිරිමට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තාවාදී සංවිධාන ලැයිස්තුවට නැවතත් ඇතුළත් කර තිබේ. ඒ අනුව සාමාජිකයින් 15 දෙනෙකු සහ සංවිධාන 21 ක් මෙලෙස තවදුරටත් තහනම් ත්‍රස්තාවාදී සංවිධාන බවට ඔවුන් නම්කර තිබේ.

මෙම සියළු සංවිධාන සහ සාමාජිකයින්ට යුරෝපා රටවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර ඔවුන්ගේ අරමුදල් හා මුදල් මුදල් එක්රැස් කිරීම්ද යුරෝපා සංගමය තුළ තහනම් වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *