යළි වැස්සොත් කදුකරයට නැවතත් දැඩි අවදානමක්

දිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොළොවේ පහළ පස් තට්ටු  ජලයෙන් සන්තෘප්ත  වී ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම කාලගුණ විද්‍යා නිවේදනවල දක් වන දත්ත වලට අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම  මහජන නිවේදනය නිකුත් කර තිබේ.

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසාන දිග මෝසම් සුළං තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්‍ෂා කරන බැවින් දෙසැම්බර් 4 වැනි දින සිට  දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අද  දින පස්වරු තුනට නිකුත් කළ කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *