ට්‍රම්ප්

[විඩීයෝ] යළිත් ජනපති තමා බව ට්‍රම්ප් ජාතිය අමතා කියයි

ඉදිරි සිව් වසර සඳහා ද ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ තමන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජාතිය අමතා ඉදිරිපත්කළ වාර්ෂික කතාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

කතාව අතරතුර ජනාධිපතිවරයා සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි අතර ඇති වූ නොරිස්සන තත්ත්වයක් විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්විය. ඒ වාර්ෂික කතාව ඉදිරිපත් කිරීම සඳහා පැමිණි ජනාධිපතිවරයාට අතට අතදී සුබපැතීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි උත්සහ කළත් ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කිරීමත් සමගය. නැන්සි පෙලොසි ඊට ප්‍රතිචාර දැක්වූයේ කතාව අවසානයේදි ඇයට ලබාදී තිබූ ජනාධිපතිවරයාගේ කතාව දැක්වෙන පිටපත ඉරා දමමින්.

මෙම අවස්ථාවට උප ජනාධිපති මයික් පෙන්ස්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායිකා නැන්සි පෙලොසි ඇතුළු පිරිසක් සහභාගිවී සිටියේය.

විශිෂ්ට අමෙරිකානුවෙක් යලි පැමිණෙන බව පැවසූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි වර්ෂ හතර සඳහාද ජනාධිපති ධුරයේ කටයුතු කරන්නේ තමා බවයි මෙහිදී පැවසුවේය.

අමෙරිකාව ඉදිරියටම ගමන් කරමින් සිටින බවත් කිසිදිනක පසුපසට නොයන බවත් ජනාධිපතිවරයා සිය කතාවේ සඳහන් කළේය.

සිය සෞඛ්‍යා රක්ෂණ සැලසුම හා ආර්ථිකය වැනි කරුණු රැසක් පිළිබඳවත් ට්‍රම්ප් සිය කතාවේදී අදහස් දක්වා ඇතැයි සඳහන්.

මෙම සිදුවීම් දෙකම ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්වී තිබේ.

අමෙරිකාව බෙදී ගොස් ඇති බවට මෙම සිදුවීම් දෙක තුළින් පෙනීයන බවයි ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *