යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට

2024 යල  කන්නයේ වී වගා  කටයුතු සඳහා රජය ලබා දෙන  මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය මාර්තු මාසයේ දී හිමි විය.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් මෙවර යල කන්නයේදීත් වී වගා කරන ගොවි ජනතාව සඳහා ලබා දීමට කටයුතු යොදා තිබේ.පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වන වෙනත් කවර කටයුත්තක් සඳහා වුවද මෙම මුදල යොදා ගැනීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 7.5කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *