මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ මනිපූර් ප්‍රාන්තයේ ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිය මතය පළකරන ලෙස මෝදි අගමැතිවරයාට බලකරමිනි.

මෝදි රජය සතුව බහුතර බලයක් පවතින බැවින් එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වෙතැයි අපේක්ෂිතය.

පසුගිය මැයි මාසයේ සිට මනිපූර් හි ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයින් 130කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *