මොරටුව නගරාධිපතිට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබේ.

මෙරටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නගරාධිපතිවරයා ඇප මත මුදාහැර ඇති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

මොරටුමුල්ල ප්‍රදේශයේදී කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් අතරතුර නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් මොරටුව නගරාරධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.

සිද්ධියට අදාළව පසුගිය මස 28 වනදා ගල්කිස්ස පොලීසියට භාර වූ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *