මෛත්‍රීපාල නිදහස් පක්‍ෂය වෙන්දේසි කරනවා – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්‍ෂයේ හිටපු සභාපතිවරයා පක්‍ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්‍ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්‍ෂය පාවිච්චි කරන්නේ නම් එය දැඩි අසාධාරණයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පැවැසීය.

කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා එසෙස් පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්‍ෂයේ විධායක සභාවට සම්බන්ධවීමට කිසිඳු හැකියාව නොමැත වීම නිසා ඔහු අධිකරණයට අපහාසයක් කර ඇති බවත් වැඩබලන ලේකම්වරයා ද අධිකරණයට අපහසකර ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාවලියකට යොමු වන බවත් අමරවීර මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *