මේ වසරේ ජුනි 30 දා තෙක් අපේක්ෂා රෝහලේ ලියාපදිංචි වී ඇති රෝගීන් සංඛ්‍යාව 6700ක්

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා මහරගම අපේක්ෂා රෝහලේ නව රෝගීන් 6,700ක් ලියාපදිංචි වී ඇති බවත්, එමෙන්ම එම කාලය තුළ රෝහලේ වාට්ටු වලට රෝගීන් 36,000ක් ඇතුලත්වී ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

දෛනිකව සායන සඳහා මෙම රෝහලට රෝගීන් 950-1000ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය  පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්  හෙතෙම සඳහන් කළේය.

මහරගම අපේක්ෂා රෝහලේ විශාල ඖෂධ හිඟයක් නොමැති අතර, හිඟ ඖෂධ මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කර රෝහල් අධ්‍යාක්ෂවරයාට ඖෂධ මිලදී ගැනීමට මුදල් සහ අවදරය ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *