මෙරට කොවිඩ් ආසාධිතයන් ගණන 26,000 ඉක්මවයි, පූර්ණ සුවය ලැබූ පිරිසත් ඉහළට

කෙරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 728 දෙනකු පූර්ණ සුවය ලබා ඊයේ (03) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ සමගම මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 19,032 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් ආසාධිතයින් 627 දෙනෙකු හදුනාගත් බවත්, ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාධිතයින් ගණන 26,038 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 22,488ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි.

මේ අතර ඊයේ උදෑසනින් අවසන් වූ පැය විසිහතර තුළ සමාජ දුරස්ථභාවය තබා නොගත් සහ මුහුණු ආවරණ නොපැළඳ කටයුතු කළ තවත් පුද්ගලයන් 24 දෙනකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හමුවේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 987 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *