මුහුණු පොතේ සාදයක් වටලා 21 ක් අත්අඩංගුවට

මුහුණු පොත ඔස්සේ පැවැත්වූ මත්ද්‍රව්‍ය   සාදයක් මධ්‍යම රාත්‍රියේදී වටලා තරුණ තරුණියන් 21 කු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

ලද තොරතුරක් මත කඩුවෙල වැලි විට ප්‍රදේශයේ හෝටලයක්   මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී තීරු බදු රහිතව මෙරට ආනයනය කරන ලද දුම් වැටි 15 ක් පීල් නමින් හඳුන්වන  මත් පෙති 07 ක් පාලනය කිරීමට ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 22/27 අතර පසුවන කොළඹ අවට සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. කඩුවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *