මුතුහෙට්ටිගම – ඉෂාක් රහුමාන්ටත් එජාප සංවිධායක ධුර

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  සිදු කෙරුණු අතර එහිදී සමගි ජන බලවේගයේ සිට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාට අනුරාධපුර දිස්ත්‍රික් එජාප  සංවිධායකවරයෙක් ලෙස පත්වීම ප්‍රදානය කෙරිණි.

මීට අමතරව හිටපු අමාත්‍ය  පී.හැරිසන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී.ඒකනායක මහත්වරු  අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලිපි ලබා ගත්හ.

ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම  හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී .තිස්ස කුට්ටිආරච්චි මහතා සහ පී.දේවක වීරසිංහ මහත්වරු  පත්වීම් ලිපි ලබාගත්හ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර , ජාතික සංවිධායක සාගල රත්නායක , කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක , හිටපු අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ වෙනත් දේශපාලන පක්ෂ සහ සංවිධාන වල  නායකයෝ මීට  සහභාගී වූහ.මේ අතර කලාප සංවිධායකවරුන් 295 දෙනකු වෙනුවෙන් පත්වී ලිපි ප්‍රදානය ද මෙහිදී සිදුවිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *