මියගිය ආගමික දේශකයාගේ ඉගැන්වීම් ගැන පුළුල් පරීක්ෂණයක්

ආගමික දේශන පැවැත් වූ බව පැවසෙන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊට සමගාමීව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

තවද එම පුද්ගලයාට වෙනත් සංවිධානවලින් මුදල් ලැබී ඇත්දැයි සොයා බැලීම සඳහා මුදල් ලැබුණු ආකාරය හා එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව ද විමර්ශනයක් සිදුකිරීමටද කොටුව මහෙස්ත්‍රාත් අදිකරණයෙන් නියෝගයක් ලබා දී තිබේ.

හෝමාගම ප්‍රදේශයේදී සියදිවි හානිකරගත් ආගම් සම්බන්ධ දේශකයෙකු ලෙස කටයුතු කළ රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අනුගාමිකයින් දෙදෙනෙකු බව පැවසෙන තරුණියක් සහ තරුණයෙකු විෂ ශරීරගත වීමෙන් පසුගිය දා මියගොස් සිටියදී සොයාගැණුනි.

පොලීසිය පැවසුවේ 21 හැවිරිදි තරුණියක් සහ 34 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා කිසියම් විෂක් ශරීරගත කරගෙන මියගොස් ඇති බවට සැක පළ කරන බවය.

තරුණියගේ මළ සිරුර යක්කල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මහරගම ප්‍රදේශයේ ලැගුම්හලක තිබී සොයා ගැණුනි.

ආගම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශන පැවැත්වීමේ නිරත වෙමින් සිටි “රුවන් ප්‍රසන්න ගුණරත්න” නැමැත්තා පසුගියදා විෂ වර්ගයක් ශරීරගත කරගැනීමෙන් සියදිවි හානිකරගෙන තිබිණි.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ ද දරුවන් තිදෙනා සමග සියදිවි හානිකරගෙන තිබූ බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *