මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ තීන්දුව ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරුවරයා ඒ බව දැනුම් දුන්නේය.

2012 ඔක්තෝම්බර් මස 30 වැනිදාත් 2013 අප්‍රේල් මස 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට මෙලෙස දින නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *