මහමග අනතුරු වලින් වසරකට 2500ක් එලොව යති

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

මාර්ග අනතුරු හේතුවෙන් වසරකට 2500 කට පමණ ජිවිත අහිමි වන බවත් එම සංඛාව මෙන් දස ගුණයක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන බවත් අමාත්‍යංශයේ සඳහන් කරයි.

සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ දී 2030 වසර වනවිට මෙරට මාර්ග අනතුරු සංඛ්‍යාව 2020 වසරට සාපොක්ෂව සියයට 50 කින් අඩු කර ගත යුතු වන අතර, එය අභියෝගාත්මක ඉලක්කයක් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට හදිසි අනතුරු ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගත වන රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව  2025 (National Trauma Conference – 2025) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ “ගෝල්ෆේස්” හෝටලයේ දී හෙට(17) පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *