මහනුවර – මහියංගන මාර්ගයට පස් කඳු කඩා වැටේ

මහනුවර මහියංගන ප්‍රධාන මහා මාර්ගයේ 34 සහ  35 ,කිලෝමීටර් කණු ආසන්නයේ මාර්ගයට විශාල පස් කඳු කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත.

එම මාර්ගයේ පස්කඳු සහ ගල් ඉවත් කිරීමට යුද හමුදා නිලධාරින් සහ තෙල්දෙණිය ,උඩදුම්බර පොලිස්ස්ථාන වල නිලධාරින් සහන සේවකයන් හා එක්ව කටයුතු කරගෙන යයි.

මෙම මාර්ගයේ රථවාහන ධාවනය මුළුමනින්ම ඇණ හිට තිබෙන බව සහකාර පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතා කීය.

බොහෝ ජනතාව ඉතා දැඩි අපහසුතා මැද එම අනතුරුදායක මාර්ගයේ පයින් ගමන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *