මහජන ආරක්ෂක අමාත්‍යංශයේ චෝදනාවට නීතීඥ සංගමයෙන් පිළිතුරක්

උද්දච්ච ප්‍රකාශ නිකුත් කිරීම වැදගත් නොවන බවත් වැදගත් වනුයේ නීතියට අවනතවීම බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ සියයට 99ක්ම අධිකරණ කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරනුයේත් නීතීඥයන් බවත් ඒ නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවකු වෙනුවෙන් ඕනෑම මුදලක් අයකර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන්ට හැකියාව තිබෙන බවත් කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන්වලින් මුදල් උපයන නීතීඥයන් පිළිබදව මහජන ආරක්ෂ අමාත්‍යාංශය මගින් හෙළිකරන බවට මාධ්‍ය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකළ විමසීමකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *