මන්ත්‍රී රැකවලුන් ඡන්ද වැඩට එපා

මහජන නියෝජිතයන්ගේ රැකවලුන් ලෙස කටයුතු කරන පොලිසියේ සහ අනෙකුත් ආරක්ෂක අංශවල නිලධාරීන්  නිල නොවන ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමෙන් වළකින්නැයි  මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ  අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

මහජන නියෝජිතයන්ගේ රැකවලුන් විරුද්ධ පාක්ෂිකයන්ගේ මැතිවරණ  කටයුතු මැඩලීමට යොදා ගැනීමෙන් වැළකිය යුතු බව දැනුම් දෙන කොමිෂන්  සභාව එවැනි  ක්‍රියා ප්‍රසිද්ධියේ හෙළා දැකිය යුතු බවද සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *