මදුරු බිය: ඇමෙරිකන් නගරයකට ඇඳිරි නීතිය

‘ජපන් එන්සෙපලයිටිස්’ (මොළේ උණ) වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, ඇමෙරිකාවේ කුඩා නගරයකට ඇඳිරි නීතිය පනවා ඇතැයි එරට මාධ්‍ය පවසයි.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත, නගර බලධාරීන්, නගර වැසියන්ට උපදස් දී ඇත්තේ, මදුරුවන්ගෙන් ආරක්ෂාවීම අවශ්‍ය බැවින් රාත්‍රී කාලයේ නිවෙස්වලින් බැහැරව නොයන ලෙසටය.

මදුරු තර්ජනයට ලක් වී සිටින්නේ, ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ, ‘ඔක්ස්ෆර්ඩ් එම්’ නමැති කුඩා නගරයේ වැසියන්ය. ‘ඔක්ස්ෆර්ඩ් එම්’ නගරයේ ජනගහනය 13,300 කි. ‘ඔක්ස්ෆර්ඩ් එම්’ නගරය ඇත්තේ බොස්ටන් නගරයට සැතපුම් 54 ක් ඈතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *