මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම නියෝගය කළේය.

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් හෙවත් රුපියල් කෝටි 110 බවත්  මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට නිෂ්පාදන ධාරිතාවය අනුව ඇප මුදල්  තීරණය කිරීමට කාරක සභාවෙන්  සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *