මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහායකයා ඉන්දීය පොලිස් නිලධාරීන්ට අල්ලස් දුන් බවට ‘පාපොච්චාරණය කරයි’

ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ජෙමිනී ෆොන්සේකාගේ සහායක සර්ගුනම් ඉන්දීය පොලිසියේ Q ශාඛාවේ නිලධාරීන්ට කරන ලද පාපොච්චාරණයකදී ඔහු Q ශාඛාවේ නිලධාරීන්ට රුපියල් කෝටි 1.5 ක අල්ලසක් ලබා දුන් බවට චෝදනා කර ඇති බව The New Indian Express වාර්තා කරයි.

ආරංචි මාර්ග වලට අනුව, ශ්‍රී ලාංකිකයෙකු වන සර්ගුනම් නොහොත් සබේසන් නොවැම්බර් 25 දින කේරළයේ ත්‍රිසූර් බන්ධනාගාරයේ සිට ප්‍රශ්න කිරීම සඳහා කාංචීපුරම් වෙත ගෙන එන ලදී.

ඔහුගේ සහචරයෙකු වූ සුනිල් ජෙමිණි ෆොන්සේකා නොහොත් කට්ටා කාමිණී පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී බංගලාරු ප්‍රදේශයේදී කියු බ්‍රාන්ච් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර විවිධ රටවල මිනීමැරුම්වලට සම්බන්ධ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් අධිකරණ භාරයට ගෙන පූසාල් බන්ධනාගාරයට යවන ලදී.

2020 දී මරණ දණ්ඩනය නියම වීමෙන් පසු සුනිල් මීට පෙර ශ්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට පැන ගොස් ඇත. ඔහු බෙංගාලූරුවට යාමට පෙර ව්‍යාපාරිකයෙකුගේ මුවාවෙන් මාස හයක් කාංචීපුරම් අසල පුදුපාක්කම් හි රැඳී සිටි බව වාර්තා වේ. සුනිල් පාතාල නායක ඩාවුඩ් ඊබ්‍රහිම් සමඟ පවා සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා විය. Q ශාඛාව සර්ගුනම්ගේ ප්‍රකාශය ගැන සොයා බලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *