මඩකලපුවට අලුත් දිසාපති කෙනෙක්

මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්- දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී ජේ.ජේ.මුරලිදරන් මහත්මිය 2025 -09-26 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව, පුරප්පාඩු වන මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුර සඳහා දැනට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ජේ. එස්.අරුල් රාජ් මහතා එදින සිට පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *