“මගේ ආදර්ශය තෝමස් රෝලර්” ශ්‍රී ලංකාවේ අංක එකේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග කියයි

ශ්‍රී ලංකාවේ අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, මෙම ක්‍රීඩාවේ තම ආදර්ශය ලෙස ජර්මානු ඔලිම්පික් ශූර තෝමස් රෝලර් නම් කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පතිරගේ සඳහන් කර ඇත්තේ, “හෙල්ල විසිකිරීමේ මගේ ආදර්ශය තෝමස් රෝලර්” යනුවෙනි.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 88.33ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට පතිරගේ පසුගියදා සමත් විය.

ජර්මනියේ ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයෙකු වන තෝමස් රෝලර්, 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගෙන තිබේ.

ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව මීටර් 93.90කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *