මගීන් 60 දෙනෙකුගේ ජීවිත බේරාගනිමින් ලංගම රියදුරු, මාරක රිය අනතුරක් වළක්වයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බස් රථයක රියදුරෙකු විසින් මාරක රිය අනතුරක් වළක්වා එහි මගීන් 60කට අධික පිරිසකගේ ජීවිත බේරාගෙන තිබේ.

වාර්තා වන අන්දමට බෙරගල 30 විහාරගල ප්‍රදේශයේදී බස් රථය ධාවනය වෙමින් තිබියදී හදිසියේම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇත.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය මීටර් 500ක් පමණ ප්‍රපාතයකට පෙරලීම වළක්වා ගැනීමට එහි රියදුරු සමත් වී ඇත.

ප්‍රපාතය දෙසට ඇදෙමින් තිබූ බස් රථය ඒ වෙනුවට පාරේ ප්‍රතිවිරුද්ධ පැත්තේ කාණුවකට හරවා ඔහු වාහනය නතර කර ඇත.

සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ මගීන් 60 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *