බොරැල්ලේ මෙහෙයුමෙන් 1180 අල්ලයි

අපරාධ මැඩපැවැත්වීම සදහා දිවයිනපුරා කරනු ලබන මෙහෙයුම්වලට සමගාමීව පෙරේදා (30) පුද්ගලයන් 1180 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 32 ක්, නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබාගත් 4 ක්, වරෙන්තුකරුවෝ 356 ක් ද වෙති.

එම මෙහෙයුම්වලදී බොරැල්ල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයකු හෙරොයින් කිලෝවක් සහ ග්‍රෑම් 105 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

ජනවාරි මස 1 වැනිදා සිට ඉකුත් (29) දක්වා කළ වැටලීම්වලදී හෙරොයින් කිලෝ 928 ක් සහ ග්‍රැම් 787 ක්, අයිස් කිලෝ 1396 ක් සහ ග්‍රෑම් 823 ක්, කොකේන් කිලෝ 27 ක් සහ ග්‍රෑම් 836 ක්, හෂීස් කිලෝ 381 ක් සහ ග්‍රෑම් 428 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම වසර මුල සිට මේ දක්වා පුද්ගලයන් 122, 913 ක් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *