බන්ධනාගාර නිලධාරීන්ගේ නොමනා ක්‍රියාවන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු රාජකාරියෙන් බාහිර නීතියට පටහැනි දේ සිදුකරන්නේ නම් ඒ පිළිබදව තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සියළු බන්ධනාගාර නිලධාරීන් වෙත දන්වා සිටී. අදාළ දැනුම් දීම් 011 46 77 100 යන දුරකතනය අංකය හරහා හෝ ලිඛිතව හෝ නිර්ණාමිකව තමන් වෙත යොමු කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ.

එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයටද එම අක‍්‍රමිකතා ගැන දැනුම් දීම් සිදු කළ හැකි බවටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් කියාසිටියේ. මේ වන විටත් බන්ධනාගාර කිහිපයක උසස් නිලධාරීන් සිදුකළ අක‍්‍රමිකතා ගැන පැමිණිලි ලැබී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ බවත් ඒ මහතා පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *