බන්ධනාගාර තුළ බෝ වන රෝග ඉහළට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත වීම ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාරවල බෝ වන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන්ගේ ප්‍රතිශක්තීකරණය අඩු වීම හේතුවෙන් ඔවුන්ට බෝ වන රෝග වැළඳීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *