බන්දුලාල් දිවුරුම් දෙයි

මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා පත් කෙරුණු හිටපු මන්ත්‍රී  බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඉදිරියේ  දිවුරුම් දුන්නේය.

ඔහු දිවුරුම් දීමෙන් අනතුරුව සියළු මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් මැද්දේ විපක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය.

කතානායකවරයා ඉදිරියේ දිවුරුම්  දුන් බණ්ඩාරිගොඩ මහතා  පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී  නාමලේඛනයේ අත්සන් තැබීය.

බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය  කරමින් අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *