Cop at sentry near GR’s Mirihana residence arrested for shooting attempt on fellow cop

පොලිස් අණට අවනත නොවූ වෑන් රියට වෙඩි

අවස්ථා තුනක දී පොලිස් නියොග නෙතකා නොනවත්වා ධාවනය කළ වැන් රථයක් ලුහුබැද ගිය පොලිසිය වෙඩි තබා නතර කරගැනීමෙන් පසු එහි ගමන්ගත් තිදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

නිට්ටඹුව පොලිස් වසමේ ගම්පහ කොට්ඨාශ සංක්‍රාමික පොලිස් යතුරු පැදි ඒකකයේ පොලිස්පරීක්ෂක නලින් මහතා ඇතුලු නිලධරින් වේයන්ගොඩ – නිට්ටඹුව මාර්ගයේ උදම්විට හන්දියේ නිළධාරින් හය දෙනකු සමග මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටියදි සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර ඇත.

මෙම වෑන් රථය නැවැත්වීමට පොලිස් නිළදාරින්  සංඥා කළද ඇතත් එම වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදි ඒකකයේ නිළධාරින් වෑන් රථය පිටුපස හබා ගොස් අවස්ථා තුනකදි වාහනය නැවැත්විමට උත්සහ කර ඇති අතර නිට්ටඹුව නගරයේ දි රතු ආලෝක සංඥ වැටි තිබියදි වෑන් රථය වතුපිටිවල දෙසට ධාවනය කර තිබේ .

මෙම හේතුවෙන් පොලිස් නිළධාරින් වෑන් රථයේ ඉදිරිපස දකුණු ටයරයට හා පිටුපස දකුණු ටයරයට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර වාහනය නවත්වා ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව වෑන්රථය මාර්ගයේ වම් පසින් නතර කිරිමෙන් අණතුරුව වාහනය හා එහි සිටි තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අධික ලෙස බිමත්ව සිට ඇති අතර රියදුරු ලෙල්ලොපිටිය පදිංචි කුරුවකු බවද සෙසු පුද්ගලයන් රත්නපුර පදිංචි කුරුවන් බව හෙළි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *