පොන්නි සම්බා රටින් ගේන රෙගුලාසිය පාර්ලිමේන්තුවට

ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 1006.30.29 යටතේ වර්ගීකරණය කරන ලද කීරි සම්බා සහල් වලට සමාන වන GR 11/ පොන්නි සම්බා සහල් ප්‍රභේදය ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ආනයනය කිරීම සඳහා 2025-10-13 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම අමාත්‍ය මණ්ඩල තීරණය බලාත්මක කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන යටතේ සාදනු ලැබ ඇති 2025 අංක 08 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, අංක 2458/43 දරන 2025-10-15 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *