’’පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා’’

තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී  විශ්‍රාම වැටුපෙන්  බවත් එම  වැටුප අහෝසි කළහොත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි සූදානම් බවත්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සඳහන් කළේය

“අපි දුෂ්කරම පැයේ ඇත්තටම සටන් කරපු මිනිස්සු”  යයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පවසන්නේ සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

නන්දන ගුණතිලක මහතා තැබූ එම සටහනේ මෙසේද සඳහන්වේ

මම ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රුපියල් 68000  න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදම්  ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම් වලටයි ඉතුරුවෙන්නෙ රුපියල්  700 ක්  800 ක් විතර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *