පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ ගණකාධිකාරිවරයාගේ කාර්යාලයේ තුල ගින්නක් හට ගෙන ඇතැයි පුත්තලම පොලීසය කියයි.
ගින්නේන් ගණකාධිකාරිවරයාගේ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්රය ඇතුළු උපකරණ රැසක් පිච්චී ඇති බව දැන ගන්නට ඇත.
එම් කාර්යලයේ තිබූ ප්ලාස්ටික දොර ජනේලයක් ඇවිලීමෙන් මුලු කාර්යාලායම කළු දුමෙන් වැසි ගියේය. .
පොලිස් අධිකාරී කාර්යාලයේ විදුලිය විසන්ධි කොට , පුත්තලම නගර සභා ගිනි නිවන ඒකකය හා පොලීස් නිළධාරින් එක්ව ගින්න නිවා දමා ඇති අතර පුත්තලම පොලීසය මේ පිළිබව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


