පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නැගෙනහිර විශ්වවිද්‍යාල හිටපු උපකුලපති ඝාතන නඩුවට අධිචෝදනා

නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් ලෙස කතිර්ගාම්බි ජෙයකිෂාන් හෙවත් ජෙයන්තාන්, නිමල් දේව්සුකන් හෙවත් ජෙයකන්දන් සහ නඩරාසා නාගුලේන්ද්‍රන් හෙවත් සිම්බු හෝ නාගුලන් නම් කර ඇත.

මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2006 දෙසැම්බර් 16 සහ 18 අතර කාලය තුළ පැහැරගෙන ගොස් පසුව ඝාතනය කර ඇති බවට මෙම නඩුවෙන් චෝදනා එල්ල කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා එම පැහැරගැනීම සහ පසුව සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් වන බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *