පාස්කු පීඩිතයන්ට ගෙවල් බාර දෙයි

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

තවත් නිවාස 11 ක ඉදිකිරීම් අරඹා ඇතැයි ද අමාත්‍යවරයා කීය.නිවාස 223 ක් ඉදි කිරීම සඳහා   රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139 කි.

මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි.  කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144 කට නිවාස ඉදිකිරීම සඳහා පමණක්  රුපියල් මිලියන 90.855 ක් වැය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු  ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 9 කට නිවාස ඉදිකර දී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70 කට නිවාස ඉදිකර දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නිවාස 11 ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5 කට අධිකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *