පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා – අනුර කුමාර

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ප්‍රහාරකයන් සහ ප්‍රහාරය වලක්වා නොගැනීමට ක්‍රියා කළ අය ඒකාබද්ධව මෙය කළා දැයි සැකයක් තිබෙන තත්ත්වය යටතේ හෙටත් රට අනාරක්ෂිත බවද දිසානායක මහතා කීය.

මෙම කාරණය කාලය විසින් හෝ දේශපාලනය විසින් යටපත් විය යුතු කරුණක් නොවේ යැයිද  පරීක්ෂණ වලින් මේ ගැටලුව නිවැරදි විය යුතු යැයිද ද දිසානායක මහතා පැවසීය.

ජන වරමක් නැති වත්මන් ආණ්ඩුවට එය කළ හැකිදැයි ප්‍රශ්න කළ දිසානායක මහතා  ජනවරම නියෝජනය කළ ජනාධිපති ගෝඨාභය මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂත් ජනතාව විසින් පලවා හැර තිබෙන බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *