පාස්කු ප්‍රහාරය‍ෙ වින්දිතයන්ට ළගදීම සාධාරණය ඉටුකරනවා

පාස්කු ඉරැදින ප්‍රහාරය සම්බන්ධ  පරීක්ෂණ  සාර්ථක ලෙස අවසන් කර වින්දිතයන්ට වැඩි අෑතක නොගොස්    සාධාරණය ඉටුකරන බව අගමැතිනී  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත්  මීට කලින් මේ අය බලයේ සිටිද්දි පරීක්ෂණ හරියාකාරව සිදු නොවූ බවත් අමරසූරිය මෙනවිය   ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *