පාර්ලිමේන්තු නිවාඩුවෙන් කෝටි හතරක ලාභයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තුවේ  කාර්ය මණ්ඩලයට අයවැයෙන් පසු දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති හෙයින් එම කාල සීමාවේදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් ඉතිරිවන බව  ගණන් බලා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ආහාර, විදුලි සහ ජල සැපයුම් වියදම් ඇතුළු  නොයෙකුත් වියදම්  අඩුවීම හේතුවෙන් මෙම මුදල මෙසේ ඉතිරි වනු ඇතැයි සඳහන්වේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දෙසැම්බර් මස 22, 23, 24 සහ  26 දිනවල නිවාඩු ලැබී ඇත.  මේ අනුව කාර්ය මණ්ඩලයට සති අන්ත අනිවාර්ය නිවාඩු දිනද ඇතුළුව ලැබෙන අඛණ්ඩ නිවාඩු සංඛ්‍යාව නවයකි.

මේ අතර පාර්ලිමේන්තුවද පසුගිය 19 වැනිදායින් පසු නැවත රැස් වන්නේ ජනවාරි මස 6  වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *